පුවත්

විදුහල්පති පුරප්පාඩු පුරවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Published

on

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

ඒ අදාළ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.

ඒ අනුව, ඒ හා සම්බන්ධ තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ කටයුතු කළහ.

ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ.

පෙත්සම් විභාගයට ගැනුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය. 

(අරුණ)

Trending

Exit mobile version