පුවත්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක හිඟ වැටුප් ගැන තීරණයක්

Published

on

වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතිබව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. 

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  සදහන් කළේ, ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වූ බවය. 

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ පසුගිය දිනවල දින 75ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූහ. 

මේ හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතු වලට දැඩි බලපෑම් එල්ල විය.

Trending

Exit mobile version