පුවත්

වීසා නොමැතිව රැඳි සිටි විදේශිකයින් 08ක් අත්අඩංගුවට

Published

on

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක් රැඳි සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයේ ලද පණිවිඩයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Trending

Exit mobile version