පුවත්

වෛද්‍යවරියට අතවර කල සැකකරු අත්අඩංගුවට

Published

on

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කලේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ අදාළ සැකකරු නීතිය ඉදිරියට පමුණුවා කටයුතු කිරීම වෙනුවෙන් සියලු විධිවිධාන සළසා ඇති බවය.

Trending

Exit mobile version