පුවත්

ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනට ඉහළම සම්මාන ඇගයුමක්

Published

on

ශ්‍රී ලංකාවේ තිරසාර නාගරික සචලතාවය සහ ආර්ථික සංවර්ධනය  කෙරෙහි ඇතිකළ බලපෑම වෙනුවෙන් සූර්ය බල බැටරි හුවමාරු කිරීමේ නවමු සංකල්පය සම්මාන ලබයි.

USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතිය (SLEP), ජාත්‍යන්තර සංවර්ධන වෘත්තිකයින් සඳහා වන ප්‍රමුඛතම එක්සත් ජනපද උත්සවය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වනසංගමයේ ( SID) වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ඉහළතම ගරු සම්මාන පිදුම් ලබා තිබේ.

මෙම සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ ස්ලිං මොබිලිටි පෞද්. සමාගමේ හිමිකාරත්වය සහ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන නවමු සංකල්පයක් වන සූර්ය බල බැටරි ආරෝපණය කර හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පිළිගැනීමක් ලබාදෙමිනි.

එහිදී කොළඹ පිහිටි කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ ක්‍රියාකාරකම් සඳහා සහය දෙන්නට ආදායම් උත්පාදනය කරමින් එම කේන්ද්‍ර භූමියේ පිහිටා ඇති බැටරි හුවමාරු මධ්‍යස්ථානය විශේෂයෙන් අවධානයට ලක්වී තිබේ.

ජූනි 13වැනි දින කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ පවත්වන ලද උත්සවයක දී එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් එම නවෝත්පාදන තරඟයේ සම්මානය SLEP සහ ස්ලිං මොබිලිටි නියෝජිතයින් වෙත පිරිනමන ලදී.

මෙම ව්‍යාපෘතියෙන් කාන්තා මධ්‍යස්ථානයේ  පිහිටුවා ඇති සූර්ය බල බැටරි හුවමාරු ස්ථානය එම මධ්‍යස්ථානයේ ආදායමට දායක වන අතරම තිරසාර නාගරික සචලතාවය සඳහා දායක වන බව සඳහන් කරමින් චංග් තානාපතිතුමිය ප්‍රකාශ කලේ,

“විශේෂයෙන් මෙය නවෝත්පාදනය, පුනර්ජනනීය බලශක්තිය, පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා විශිෂ්ට උදාහරණයක් වන බැවින් මෙම ජාත්‍යන්තර ගෞරවය ශ්‍රී ලංකාවට ලැබීමෙන් අප සතුටට පත්වෙනවා,”

“මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය සුරක්ෂිත කරන්නට, ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙනයන්නට සහ සමාජයේ සියළු කොටස් ඉහළට ඔසවා තබන්නට විසඳුම් සම්පාදනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමගින් අපේ ඇති හවුල්කාරීත්වයට එක්සත් ජනපදය කැපවී සිටිනවා.”

Trending

Exit mobile version