ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් වන ඩලස් අලහප්පෙරුම මහතා හා දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී සමගි ජන බලවේගය සමගින් එක්වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ජනාධිපතිවරණයට දින ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ආණ්ඩුවේ තවත් කොටසක්ද විපක්ෂයට එක්වීමට නියමිත බවයි.
තවදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා,
“ජනාධිපතිවරණය ප්‍රකාෂ කළාට පසු ආණ්ඩුවේ තවත් කොටසක් විපක්ෂයට ඇවිල්ලා සහයෝගය දෙන්න දැනටත් සාකච්ඡා කරමින් තිබෙනවා.
ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමේ කොටසක් සමගි ජන බලවේගය සමගින් අත්වැල් බැඳගත්තා.
ඒ එක්කම ඩලස් මහාගේ මූලිකත්වයෙන් තවත් කිහිප දෙනෙක් ඉන්නවා, ඒ අය සමගත් මේ වෙනකොට අදහස් හුවමාරු කරගෙන තියෙනවා.
මට කියන්න පුළුවන් ඒ සියලු සාකච්ඡා අනිවාර්යයෙන් සාර්ථකයි කියලා.
ඒත් එක්කම දයාසිරි ජයසේකර මහතාත් එහෙමයි”