පුවත්

සපුගස්කන්ද පිරිපහදුව දින 20ක් වැසෙයි

Published

on

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයෙහි නිෂ්පාදන කටයුතු මේ මස 18දා සිට ඔක්තෝබර් 08දා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (01) පැවසීය.

පෙට්‍රල් නිපදවන ඒකකයෙහි උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහා එම ඒකකයෙහි මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version