පුවත්

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට සංශෝධන

Published

on

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක – බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන පුද්ගලයින් මත සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා ඇති අතර, ඇතැම් අපනයන කර්මාන්තකරුවන්ට හා ඉතා කුඩා ලාභාන්තිකයක් සහිතව විදේශ විනිමය උපයන අයට මෙමගින් ව්‍යවසායක කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බව මුදල් අමාත්‍යාංශයට වාර්තා වී ඇති නිසා මෙම පියවර ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

එවැනි අංශ ගැන අධ්‍යයනය කර සමහර ආයතන හා පුද්ගලයන් එම බද්දෙන් නිදහස් කිරීමට හැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version