අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන සිර මැදිරියට යාබද භාවිතාවට නොගන්නා සිර මැදිරිය අසල වාඩි කර, සැකකරුගේ එක් අතකට හා සිර මැදිරියෙහි යකඩ කූරකට අත්විලංගු දමා රඳවා තබා තිබියදී මෙලෙස පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.