පුවත්

සිවු හැවිරිදි දැරියක් අපයෝජනය කළැයි ‘ඩේ කෙයාර්’ පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

Published

on

තුල්හිරිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය ලබමින් සිටි අවුරුදු හතරක් වයසැති දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කල පුද්ගලයෙකු වරකාපොල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දිවා සුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ගේ 74 හැවිරිදි සැමියාය.

අපයෝජනයකට ලක් වූ මෙම සිව්හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කළ බවය වරකපොල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version