පුවත්

සුමන්තිරන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම එපා කියයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත පිරිනැමූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පක්ෂයේ බොහෝ දෙනාට තමා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවත් ජනතා මනාපයෙන් තමාට තේරී පත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් තමා තවදුරටත් දේශපාලනයේ නියැලීමට අපේක්ෂා කරන බව සුමන්තිරන් මහතා පවසා තිබේ.

නීතීඥවරයෙකු සුමන්තිරන් මහතා 2010 වසරේ ජාතික ලැයිස්තුවෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසුණි.

අනතුරුව ඔහු හු 2015 සහ 2020 මහ මැතිවරණයට යාපනයෙන් තරග කර පාර්ලිමේන්තුවට  තේරී පත් විය.

පසුව, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ එහි මහලේකම් පී.සත්‍යලිංගම් නම් කිරීමට පක්ෂය තීරණය කර තිබුණි.

Trending

Exit mobile version