අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර ගොඩගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 33 හැවිරිදි හිටපු කොමාන්ඩෝ සෙබළා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ මුදාගැනීම සඳහා කමාන්ඩෝ මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක තොරතුරු පළමුව අනාවරණය වුණේ පසුගිය ඔක්තෝම්බර් 24 වැනිදාය.
එම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හිටපු කමාන්ඩෝ සාමාජිකයින් දෙදෙනෙකු ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැලසුම හෙළිවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට පියවර ගැණුනි.