නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය.
ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
නව රජයේ 21 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
ඇය ලැබූ මනාප ප්‍රමාණය 655,289ක්.
එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාවරිය ලෙසද ඇය ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ.
එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකේ.