පුවත්

හිටපු ඇමති නලින් නීතියට පිටින් පාරිභෝගික අධිකාරියට හෙංචයියන් දැමූ හැටි හෙළි වෙලා

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙකු පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා ඇති බවය.

අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බවද මේවන විට හෙළිව තිබේ.

එම පත්කිරිම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වර්තමාන සභාපතිවරයා විසින් කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එවැනි පත්කිරිමක් සඳහා අනුමැතියක් ලබා දි නොමැති බවය.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පත් කර සිටි මාධ්‍ය නිලධාරියා ද වර්තමාන සභාපතිවරයා විසින් ඉවත් කර තිබේ.

අදාළ අත්තනෝමතික පත් කිරීම් දෙකම සිදුකර ඇත්තේ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් බව මේවන විට හෙළිව තිබේ.

එම පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති අතර එහි වෘත්තීය සමිතියක් අමාත්‍යවරයාට එරෙහිව මේ සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට යන බවද වාර්තා වේ.

Trending

Exit mobile version