2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
2024 නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.
එබැවින් තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියළුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන 2024 ඔක්තොබර් මස 01 වැනිදා සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශන කිරීමට නියමිතය.