Connect with us

පුවත්

හිටපු ජනපතිගේ සොයුරා ගේ මුද්දක් හා මුදල් හොරකම් කරලා!

Published

on

තමා සතු වටිනා මුද්දක් හා මුදල් සොරකම් කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන මහතා පැමිණිල්ලක් කර ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මෙලෙස සොරකම් කර ඇත්තේ රුපියල් කෝටියකට අධික වටිනා, නිල් මැණික් ඔබ්බන ලද රන් මුදුවක් මෙන්ම ඇමෙරිකන් ඩොලර් පන්දහක් හා රුපියල් ලක්ෂයක මුදල්ය.

පුවත්

පිට පිට ගිනිගත් ක්‍රිෂ් ආරක්ෂා කරන්න පොලිසියෙන් 20ක් දාලා

Published

on

By

පිට පිට දින දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) ගිනි ගැනීම් වාර්තා වුණි.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදා ගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.

පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.

ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

Continue Reading

පුවත්

ඩුබායිවලින් ගෙනා රොටුඹ උපාලිව දින 7කට තිහගොඩ පොලිසියට බාරදෙයි!

Published

on

By

ඩුබයි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.

ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රොටුඹ උපාලි නමැති 39 හැවිරිදි සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී ඇත.

සැකකරුට විරුද්ධව ඇති චෝදනාව –

01. 2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම. 

02. ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03 වයසැති බාලවයස්කාර දැරියක් නීත්‍යානුකුල බලහත්කාරයෙන් අපහරණය කර ස්ත්‍රි දූෂනය කිරීම.

03. 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම. 

Continue Reading

පුවත්

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක්

Published

on

By

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද පස්වරුවේ යළිත් වතාවක් ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 03ක් යොදා ඇතැයි පැවසේ.

ඊයේ (06) රාත්‍රියේ ද මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ගින්නක් හටගත් අතර, එය අද අලුයම මැඩපැවැත්වීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සමත්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved