පුවත්

CPC වියදමෙන් තුනෙන් එකක් යන්නේ ෂෙඩ්වල තතු සොයන්නයි!

Published

on

ඛණිජ තෙල් සංස්ථාවේ වියදමෙන් තුනෙන් එකක මුදලක් ආනයනය කර හෝ පිරිපහදුකර බෙදාහරිනු ලබන ඉන්ධන නිසි ආකාරයෙන් බෙදාහැරිමේ පොලවල්වලට ලැබේද යන්න නිරික්ෂණය කිරීමට හා ඒබව පරික්ෂාවට සිටින නිලධාරීන් නඩත්තුවට වැය වන බව වාර්තා වේ.

2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවෙන් හෙළිව ඇත්තේ සංස්ථාවේ මුලු පිරිවැය වන බිලියන 45න් බිලියන 17ක්ම වැය කර ඇත්තේ අලෙවි අංශය සදහා බවය.

අලෙවි අංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් හා අනෙකුත් නඩත්තු වියදම් සදහා බිලියන දාහතරක් වැය කර තිබේ.

ඊට අමතරව පළාත් නවයේ පිහිටි අලෙවි ප්‍රාදේශිය කාර්යයාල නවයක් හා ලිහිසි තෙල් අංශය, වැඩ අංශය හා තාර අංශයද වෙළෙඳ අලෙවි අංශය යටතේ පාලනය වේ.

මේ සියලුම අංශ සදහා සේවකයින් තුන්සිය විපනහකට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන්දියන් තෙල් සමාගමේ මෙම කාර් ය්‍ය කිරිමට සේවකයින් 15කට අඩු පිරිසක් සිටින බව වාර්තාවේ.

Trending

Exit mobile version