DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුණුබුරකු වන එම සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතා ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට අද (22) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සජිත් රාජපක්ෂ මහතා ඒ වනවිට නිවස තුළ සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නැතැයි ද වාර්තා වේ.
සජිත් රාජපක්ෂ අධ්‍යක්ෂවරයෙක් ලෙස සැම්සන් සමූහ ව්‍යාපාරයට ඒක්ව ඇත්තේ 2009 වසරේදීය.
එතැන්සිට ඔහු සැම්සන් ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගමේත්, සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේත්, මවුන්ට් ස්ප්‍රිං වෝටර් පුද්ගලික සමාගමේත්, අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් සිටී.