Connect with us

පුවත්

මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව, ලංකාවේ ණය හිමියන් සමඟ සාකච්ඡාවක්

Published

on

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමඟ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටී. මෙම හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා වන මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ තවත් එක් වැදගත් පියවරකි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ :

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා

“ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රියාවලියේ දී ද්විපාර්ශ්වික හවුල්කරුවන් අප වෙත අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් අපි ඔවුන්ට කෘතඥ වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ අපගේ ඉලක්කගත ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරනු ඇති අතර මෙය වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට සහ අපගේ වර්ධන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට උපකාරී වනු ඇතැයි මෙම රජය සමාජ හා ආර්ථික සමෘද්ධිය නැවත ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර අපගේ පුරවැසියන්ට තීරණාත්මක මහජන සේවාවන් සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ මූල්‍යමය ආරක්ෂාව නැවත වර්ධනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබුණු මෙම ඵලදායී රැස්වීමට එක්වීම පිළිබඳව මම නිල ණය හිමියන්ට ස්තූතිවන්ත වෙනවා.

2022 සැප්තැම්බර් 01 වැනි දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම වැඩසටහන මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය යථා තත්ත්වයට පත් කිරීම, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන අතරම තිරසාරභාවය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අපේක්ෂා කරනවා. මෙම ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව තිබෙන්නක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉලක්කගත ප්‍රතිසංස්කරණ වටා කේන්ද්‍රගත වී ඇත.  රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කරුණු හතරක් මත පදනම් වේ:

පළමු කරුණ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයයි. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධව, රාජ්‍ය ව්‍යවසාය වලින් පැන නගින මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලි මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම සමඟ ඒකාබද්ධව ඉලක්කගත ආදායම් පදනම් කරගත් මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහන මඟින් පුරෝකථනය කරයි. වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පවතින සමාජ ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම ද ඊට ඇතුළත් ය.

දෙවන කරුණ වනුයේ රජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය තිරසාර නොවන ලෙස සලකනු ලැබ ඇති අතර, විස්තීර්ණ ණය පහසුකමක් මගින් ඒ සඳහා අවධානය යොමු කර ඇත.

තෙවනුව, මෙම වැඩසටහන මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර ආරක්ෂාව නැවත ගොඩනැගීම අරමුණු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නුදුරේදීම ස්වාධීනත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති රාමුව නවීකරණය කරන පනතක් සම්මත කිරිමට නියමිතය.

ස්වාධීනත්වය ශක්තිමත් කරන සහ එහි ප්‍රතිපත්ති රාමුව නවීකරණය කරන මහ බැංකු පනතක් සම්මත කර ගැනීමට නුදුරේදීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

වැඩසටහනේ සිව්වන කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා ප්‍රධාන කොන්දේසියක් වන මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වී ඇති බව සහතික කිරීම සහ එහි රාජ්‍ය බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව සහ පාලනය ශක්තිමත් කිරීම මගින් මෙය සාක්ෂාත් කරගනු ඇත.

මෙම කරුණුවලට අමතරව, ශ්‍රී ලංකාවේ නීති රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මාලාවක් රජය විසින් හඳුන්වා දෙනු ඇත.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved