පුවත්

ගෝඨාට යමර කැපිල්ලක්: දාපු කැබිනට් එකත් එපා කියයි!

Published

on

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩලයම රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේද පවත්වාගෙන යන්නේ නැතිව නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බව පොහොට්ටුව පක්ෂය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට පත්කරන ලද අමාත්‍ය මණ්ඩලය රනිල් වික්‍රමසිංහ රජය යටතේ නැවත දිවුරුම් දී ක්‍රියාත්මක වන ආණ්ඩුවකි.

එම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණනාවක් පොහොට්ටුවේ මතවාදයට පටහැනි මත දරන්නන් වන නිසා ඔවුන් පොහොට්ටුව නියෝජනය කරන අමාත්‍යවරුන් ලෙස සැලකිය යුතු නැතැයි ද ඔවුන් කියා සිටින බව පැවසේ.

පොහොට්ටුවේ යෝජනාද රැගෙන නව අමාත්‍ය මණ්ඩලයක් පත්කරන කඩිනමින් පත්කරන්නැයි පොහොට්ටුවේ අපේක්ෂකයන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version