ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සාමාජිකයින් හා ලෝක බැංකුව සහභාගීවන 2023 Spring Meetings රැස්වීම් මාලාව අද (10) වොෂිංටන්හිදී ආරම්භ වෙයි.
ලබන 16දා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගිවීමට නියමිතයි.
ණය තිරසාර බව හා ආර්ථිකය යථාවත් කිරීම සම්බන්ධව ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙන යාමට හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම හමුව අවස්ථාවක් වනු ඇතැයි සේමසිංහ මහතා පවසයි.
මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.