පුවත්

ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනය කරයි

Published

on

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබාගැනීම සඳහා රුපියල් 1000ක ගාස්තුවක් ගෙවිය යුතු බවය.

එමෙන්ම ජාතික හැඳුනුම්පතේ සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරිම සදහා රුපියල් 500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරිම සඳහා රුපියල් 200ක මුදලක්ද අය කිරිමට නියමිතය.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන පනවා ඇති බවයි.

Trending

Exit mobile version