යූනියන් පෙදෙස පාක් වීදියේ Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ, Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාව තුළට ඇතුළු වීමේදී හඳුනාගැනීමේ අත්පළඳනාව පැළඳීම රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බව පැවසේ.
එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග සිදුකළ පහරදීමකින් එහි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබිණි.
පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
සැකකරුවන්, දෙහිවල, අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් මේ වන විට එම ප්‍රදේශවලින් පළාගොස් ඇති බවයි.