පුවත්

ඉන්දීය කොන්සල් කාර්යාලයට පහරදුන් අය පැමිණි මෝටර් රථය හොයයි (ඡායා)

Published

on

ඊයේ රාත්‍රියේ (09) යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට බෝතල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් භාවිතා කළ මෝටර් රථයක් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වාහනය නැගෙනහිර පළාතේ ලියාපදිංචි අංකයක් සහිත කළු පැහැති මෝටර් රථයක් බව CCTV දසුන් වින් දිස්වන බව පැවසේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක මුරකුටියට අලාභ හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.

ප්‍රහාරයෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(මූලාශ්‍රය හා ඡායා : ටයිම්ස් ඔන්ලයින්)

Trending

Exit mobile version