පුවත්

රට පනින්න ගිය 45ක් උණවටුන හෝටලයකින් අල්ලයි

Published

on

නිති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මොවුන් සියලුදෙනාම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවත් ඔවුන් අතර පිරිමි පුද්ගලයින් 33ක්, කාන්තාවන් 07ක් හා දරුවන් 03ක් සිටි බව වාර්තා වේ.

මෙම පිරිස පුල්මුඩේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ කාලයක් විවිධ ස්ථානවල නතරව සිට පසුව දින පහක සංචාරයක් යාමට බව පවසා ඊයේ වව්නියාවෙන් බස් රථයක රැගෙන ගාල්ල උණවටුනට පැමිණ හෝටලයක නතරව සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ව අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Trending

Exit mobile version