දැනට බලාත්මක 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සැකසුණු නව පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය හිමි ව තිබේ.
එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.