රාජ්‍ය ආයතන 3ක දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර ඇත.
මෙසේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), ශ්‍රS ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවල ප්‍රධානීන් වේ.
ඒ අනුව සැප්තැම්බර් 05දා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන්ද, සැප්තැම්බර් 6 වැනිදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන්ද සැප්තැම්බර් 08දා කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන්ද කෝප් කමිටුව හමුවට කැඳවෙනු ඇත.
මෙම ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තා මගින් තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් ඒවායේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව දීර්ඝව කරුණු විමසීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටුව පවසයි.