පුවත්

තුන්වැනි පාරටත් ගොඩගත් සාරා හඳුනාගන්න බැරිවෙන ලකුණු!

Published

on

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ආන්දෝලනයක් ඇති කළ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගියාද නැද්ද යන්න තහවුරු කිරීමට තුන්වැනි වතාවටත් ගොඩගත් සිරුරු කොටස්වල ඩී.එන්.ඒ. පරීක්ෂාව කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති බව පොලිස් දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි වාර්තා වේ.

ඔක්තෝබර් අවසන් සතිය වනතුරු එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට ඉඩ නැතැයි රජයේ රස පරීක්ෂකවරයා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇතැයි පැවසේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකුගේ බිරිඳ වූ සාරා හස්තුන් එම ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පැනගිය බවට පාස්කු ඉරිදා ජනපති කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂියක් මත ආන්දෝලනයක් ඇති විය.

සාරා හස්තුන් ඇතුළු දහඅටදෙනකු සයින්දමරුදුවලදී පුපුරුවාගත් බවට තොරතුරු තිබියදී ජනපති කොමිසමේ විමර්ශන මගහරිමින් අසත්‍ය තොරතුරු දුන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් රටෙන් පැනගොස් තිබිණි.

මෙම සිදුවීම් මැද තුන්වැනි වතාවටත් සාරා හස්තුන් මියගියද යන්න තහවුරු කර ගැනීම සඳහා මලසිරුරු කොටස් ඉකුත් අප්‍රේල් 27 වැනිදා ගොඩගනු ලැබුවේ ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහාය.

Trending

Exit mobile version