Connect with us

පුවත්

CIIE ෂැංහයිහිදී ඇරඹෙයි; පළමු කතාව ජනපති රනිල්ගෙන්! (වීඩියෝ)

Published

on

පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හෙට (05) සිට ලබන බ්‍රහස්පතින්දා (10) දක්වා ෂැංහයි හි පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ.

අද (04) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා විසින් සිදුකළ විශේෂ කතාවෙන් පසුව එම ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කෙරිණි.

කෙසේවුවද, මෙවර චීන ජනපතිවරයාගේ කථාව සිදුකරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

වසර 2018 දී ආරම්භ කරන ලද CIIE හි ප්‍රධාන දේශනය එය ආරම්භ කළ දා සිට හැම වසරකදීම චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා විසින් සිදු කිරීම විශේෂිතය. 

මෙහි තවත් විශේෂත්වයක් වූයේ චීන ජනපතිවරයාගේ කථාවෙන් පසුව විදෙස් රාජ්‍ය ප්‍රධානීන් සඳහා ලබාදෙන කථාවන්හි පළමු අවස්ථාව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමය.

චීන නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා ගැන ජනපති බලාපොරොත්තු දල්වයි

එහිදී වික්‍රමසිංහ මහතා මෙම ප්‍රදර්ශනය බොහෝ රටවල් සහ ව්‍යාපාරවලට චීන ජනතාවගේ වැඩෙන පරිභෝජන රුචිකත්වයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ඉඩ ලැබෙන අවස්ථාවක් බවත්, ශ්‍රී ලංකාව එයට ආරම්භයේ සිටම සහභාගිවන බවද කීය.

එම සහභාගීත්වය තුළින් ලාංකික ව්‍යාපාර විශාල ප්‍රතිලාභ ලබා ඇතැයි ද ඔහු කීය.

මෙරට කර්මාන්ත සඳහා චීන වෙළඳපොළ තුළ ස්ථාවර වීමට ඉන්  අවස්ථාව සලසා දී ඇති බවත්, චීන ශ්‍රී ලංකා නව සබඳතා ආරම්භ වූයේ රබර් – සහල් ගිවිසුම හරහා බවත්, එම ගිවිසුමට මේ වසරේදී වසර  70 ක් පිරුණු බවද ඔහු කීය.

එතැන් පටන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, ආරක්ෂක සහ සෞඛ්‍ය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවකට ව්‍යාප්ත වී ඇතැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

2021 දී දෙරට අතර මුළු වෙළඳාමේ පරිමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් බවත් කී හෙතෙම චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීමට ඉඩකඩ ඇතැයි ද පැවසීය.

“චීනය ව්‍යාපාර සඳහා විවෘතයි” 

චීනයේ උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම, විවෘත කිරීම පුළුල් කිරීම සහ ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වන වාතාවරණයක් නිර්මාණය මෙහි අරමුණයි.

මෙම වසරේ CIIE ජාත්‍යන්තරය සඳහා “I” වෙත විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ.

එය සමාගම් හරහා වැඩි කාර්මික අංශයන් නියෝජනය වන පරිදි සෙසුවසරවලට වඩා විශාල කර ඇතැයි පැවසේ.

“චීනය ව්‍යාපාර සඳහා විවෘතයි” යනුවෙන් නම්කර තිබේ.

චීනයේ වාණිජ අමාත්‍යාංශය සහ ෂැංහයි නාගරික මහජන රජය විසින් මෙම ප්‍රදර්ශනයේ සම සත්කාරකත්වය දරණු ලබයි.

එය සංවිධානය කරනු ලබන්නේ චීන ජාත්‍යන්තර ආනයන අපනයන කාර්යංශය (Organized by China International Import Expo Bureau) සහ ෂැංහයි හි ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන පෞද්ගලික සමාගම (National Exhibition and Convention Center (Shanghai) Co., Ltd.) විසින් සංවිධානය කරන ලදී.

කැළුම් ශිවන්ත ෂැංහයි හි සිට..

පුවත්

ජනපතිගේ අවසන් ජන රැලිය – කොස්ගස් හංදියේ (සජීව)

Published

on

By

ජනපතිවරණ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේවන විට කොළඹ කොස්ගස් හංදියේදී පැවැත් වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.

Continue Reading

පුවත්

සමගි ජනබල වේගයේ අවසන් ජන රැළිය – කොළඹ (සජීවී)

Published

on

By

සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන අවසන් ජන රැළිය පංචිකාවත්ත පාර ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී මේවන විට පැවැත්වෙමින් තිබේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලිය – කැස්බෑවේදී (සජීවී)

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට කැස්බෑවේදී පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved