පුවත්

UNP – SJB පූට්ටුව ගැන මයන්තත් කට අරියි!

Published

on

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් ලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

රජයට එක්වීම පිළිබඳ අදහසක් ඇතිදැයි කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

තම පෞද්ගලික මතය නම් මෙම පක්ෂ දෙක අවබෝධතා ගිවිසුමට එකතුවීම වඩා සුදුසු බවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති එකම නිසා ඒ වාසිය වෙනත් බලවේග නොයා යුතු බවත් ඒ මහතා කියයි.

අන්තවාදී පක්ෂවලට අනියමින් හෝ සහය දැක්වීම සුදුසු නැති බවත් බෙදී සිටීමේ වාසිය ඔවුන්ට යන බවත් පවසන ඒ මහතා මෙම පක්ෂ දෙක එකතුවී ඉදිරියට යා යුතු බව තම මතය බවද කියා සිටියේය.

ඒ හැර පක්ෂයෙන් ඉවත්ව රජයට සම්බන්ධ වීමට තමන්ගේ කිසිම අදහසක් නැති බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Trending

Exit mobile version