පුවත්

X සමාජ මාධ්‍ය බිඳ වැටීම සයිබර් ප්‍රහාරයක්.. – ඊලෝන් මස්ක්

Published

on

X සමාජ මාධ්‍ය බිඳ වැටීමට සයිබර් ප්‍රහාරයක් හේතුවී ඇතැයි ඊලෝන් මස්ක් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (10) දිනයේ 40,000 කට වැඩි පරිශීලකයින් පිරිසකට ඔවුන්ගේ X ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව තිබූ බවයි.

මේ හේතුවෙන් බොහෝ පරිෂීලකයින්ට සිය පණිවුඩ පළ කිරීමේදී ද  බාධා එල්ල වී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

මෙම බිඳවැටීම් බහුතරයක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි.

එලොන් මස්ක් පැවසුවේ, සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන මස්ක්, මේ වනවිට අමෙරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇත.

සබැඳි පුවත්

Trending

Exit mobile version