Connect with us

පුවත්

බාලි වලදී චීන – ඇමෙරිකානු ජනපතිවරුන්ගේ හමුවක්! (වීඩියෝ)

Published

on

ඉදිරියේදී ඉන්දුනීසියාවේ බාලි හි දී පැවැත්වීමට නියමිත G-20 සමුළුවට සමගාමීව චීනයේ සහ ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිතයි.

අද (11) බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක – ජාඕ ලීජියෑන් මහතා පැවසුවේ චීන කොංග්‍රස් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සාර්ථක ලෙස අවසන් වීමෙන් පසුව චීන රාජ්‍ය නායකයා සහභාගී වන පළමු බහුපාර්ශ්වික සමුළුව මෙය බවයි.

තවද, චීන ජනාධිපතිවරයා තායිලන්තයේ පැවැත්වීමට නියමිත APEC ආර්ථික නායකයන්ගේ හමුවට සහභාගී වීමට නියමිත බවයි.

ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ සංචාර අතරතුරදී ඉන්දුනීසියානු ජනපතිවරයා හා තායි අග්‍රාමාත්‍යවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද, ජාඕ මහතා වැඩිදුරටත් පවසයි.

පුවත්

ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශවික ප්‍රකාශය අද සවසට

Published

on

By

ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයට අදාළ ද්වීපාර්ශවිය ඒකාබද්ධ ප්‍රකාශය අද (16) පස්වරුවේ නිකුත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය නායකයින් සාකච්ඡාවට ලක් කළ කරුණු සහ දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳ තොරතුරු එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ අන්තර්ගත වන බව එහි මාධ්‍ය ප්‍රකාශක නිලූක කඳුරුගමුව මහතා මාධ්‍යට පවසා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ චීන මහජන ශාලාවේදී සිදුවිය.

ජනාධිපතිවරයාගේ සිව්දින රාජ්‍ය සංචාරය හෙටින් අවසන් වනු ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට ගිගිරුම් සහිත වැසි

Published

on

By

උතුරු-මැද, නැගෙනහිර,  ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්,  නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලබයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පෙත්සම්කාර සමාගම විසින් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසී ලබා ගැනීම සඳහා වගඋත්තරකාර කේසර ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවත් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව වගඋත්තරකාර කේසර ලංකා සමාගම අදාල ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් ය.

මෙම තත්වය හමුවේ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් ජනවාරි 21 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved