ඡායාරූප සටහන ජනපති අනුරගෙන් මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාර Published 6 months ago on January 15, 2025 By editor චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය. අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් වූහ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්3 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 day ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්3 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා6 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!