ජාතික තරුණ සේවා සභාව, ජපන් සහයෝගිතා සංගමය [Japanese Solidarity Association(JSA)] සහ ජපාන තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද 2024 බොන් ඔදොරි උත්සවය මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පසුගිය දා (15) පැවැත්විණි.
“බොන් ඔදොරි” යනු මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට ගෞරව කොට සමුදීම පිණිස සිදුකෙරෙන චාරිත්‍රානුකූල ජපන් උත්සවයකි.
මෙවර උත්සවයට ශ්‍රී ලංකාවේ සහ ජපානයේ සිරිත් විරිත් ඉස්මතු කරන විවිධ ක්‍රියාකාරකම් සහ ඉදිරිපත්කිරීම් ඇතුළත් විය.
ජනප්‍රිය ජපන් ගීත වන “තෝකියො ඔන්දො” සහ “තන්කො බුෂි” යන ගීතයන්ට අනුව කොළඹ ජපන් පාසලේ සහ ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනයේ [Lanka Nippon BizTech Institute (LNBTI)] සිසුන් විසින් ඉදිරිපත් කළ බොන් ඔදොරි නර්තනයක් මෙම උත්සවයට ඇතුළත්විය.
තුන්වන වරටත් ශ්‍රී ලංකාවට පැමිණි කීර්තිමත් ජපන් ගායිකාවක් සහ JICA හි දිගුකාලීන සහයිකාවක් වන මයෝ ෂෝනෝ මහත්මිය සිය සජීවී ප්‍රසංගය සමඟ එක්වූවාය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි, ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සහ ජපන් සහයෝගිතා සංගමයේ සභාපති හොත්තා මිකිනග යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.