මෙරට සිටින ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි විසින් අද (10) දිනයේදී යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මූලායි සමුපකාර රෝහලට භාවිතා කරන ලද ගිලන් රථ දෙකක් පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගී විය.
ගැටුම් ඇතිවූ ප්‍රදේශයන් හී වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ මෙම ගිලන්රථ පරිත්‍යාග කරනු ලැබුණි.
නිවේදනයක් නිකුත් කරන ජපන් තානාපති කාර්යාලය මෙසේද පවසයි :
මෙම ව්‍යාපෘතිය යටතේ, ජපන් රජය විසින් භාවිතා කරන ලද ගිලන් රථ දෙකක් සහ ඒවා ආනයනය කිරීම සඳහා ඇ.ඩො 36,759 ක ආධාර ලබා දෙන ලදී. මෙම රෝහලේ සතියකට ආසන්න වශයෙන් රෝගීන් 1,500ක් පමණ රෝහල් සේවාවන් භාවිතා කරන අතර මෙම ව්‍යාපෘතිය මගින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන් සඳහා ජංගම උපදේශන සේවා ඇතුළුව නියමිත වේලාවට සෞඛ්‍ය සේවා සැපයීමට මෙන්ම අවශ්‍ය හොඳ තත්ත්වයේ ගිලන් රථ ලබා දීම මගින් යාපනයේ අසල්වැසි රෝහල් වෙත හදිසි ප්‍රතිකාර සහ හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් හැකියාව ලැබේ. ඒ මගින්. වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමෙන් උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේ. තවද මෙමගින් තීරණාත්මක සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවයට මහගු පිටිවහලක් ලැබේ.
තානාපති මිසුකොෂි මහතා, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශය සඳහා අඛණ්ඩව සහය දැක්වීමට ජපානයේ ඇති කැපවීම ප්‍රකාශ කළ අතර, “ජපාන ආධාර ප්‍රදාන වල වැදගත් අරමුණක් වන්නේ ගැටුම්වලින් සිදුවන හානිවලට පිළියම් යෙදීම සහ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම බවත් පවසා සිටියේය. තවද මෙම ප්රදානය මෙම කලාපයේ වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමටත් උතුරේ සහ දකුණේ ජීවන මට්ටම් අතර ඇති හිඩැස පිරවීමටත් දායක වනු ඇතැයි ඒතුමා ප්‍රාර්ථනා කර සිටියා.