Connect with us

ඡායාරූප සටහන

‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ එළිදකී (ඡායා)

Published

on

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන ‘දිවයින’  පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘ එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය ‘ කෘතිය එළිදැක්වීම අද (03) දිනයේදී ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙය, මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භයද සනිටුහන් කරයි.

එම උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට පුවත්පත් කලාවේ පරිවර්තනීය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා හැඳින්විය හැකි බවයි. දශක හතක මාධ්‍ය මෙහෙවරක නිරත වූ  එඩ්මන් රණසිංහ මහතාගේ මාධ්‍ය කලාව ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික සහ දේශපාලනය උන්නතිය සඳහා ඉවහල් වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මාධ්‍ය කලාව ඉදිරියට ගෙන ඒමට කෘතිම බුද්ධිය දායක කර ගත හැකි අන්දම පිළිබඳ සොයා බැලීමෙන් ඵලදායි මාධ්‍ය කලාවක් නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“එදා ඊයම් අකුරු අමුණා සිදුකළ පත්තර කලාව අද වන විට ipad එක දක්වා දියුණු වී තිබෙනවා. ලේක්හවුස් ආයතනය වැනි මහා මන්දිරයක තිබෙන දැනුම google මාධ්‍ය තුළ ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව මේ වන විට නිර්මාණය වී අවසන්. එම නිසා පත්තර කලාව  සමාජගත කිරීමට තාක්ෂණය හොඳ මෙවලමක් බවට පත්ව තිබෙනවා. නමුත් ඕනෑම රටක පවතින මාධ්‍ය  රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක්  ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙනන නීතියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ – ඩබ්ලිව්. එම්. කේ. විජේබණ්ඩාර, නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ දීප්ති අධිකාරි යන මහත්ම මහත්මීන් විසින් සංස්කරණය කර ඇත.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය  රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්. සී. දොළවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් ඇතුළු  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Videos

චීන සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹදී  (ඡායා/වීඩියෝ)

Published

on

By

චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය.

ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසිනි. මෙම ප්‍රදර්ශනය අද දිනයේදී ද පැවැත්වේ.

මෙය, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙරට පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භයයි. 

‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙම සංවත්සරය සැමරීමට වැඩසටහන් 75ක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.

චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ASLCSCC සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්විය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දියාවෙන් කෘත්‍රිම අත්පා කඳවුරක් (ඡායා)

Published

on

By

ශ්‍රී ලාංකික ප්‍රතිලාභින් 1000 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම සඳහා වන කඳවුරක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (07) ගම්පහ රණවිරු සේවා අධිකාර පරිශ්‍රයේදී සමාරම්භ කරන ලදී. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම කඳවුර කොළඹ සහ වවුනියාවේ දී දෙමසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සෙත සැලසෙනු ඇත. සිවිල් ප්‍රතිලාභීන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සහය ඇතිව තෝරා ගන්නා ලදී.

මෙම කඳවුර සඳහා ඉන්දීය රජය සහයෝගය ලබා දෙන අතර එය පවත්වනු ලබන්නේ කායික වශයෙන් අබාධ සහිත අයගේ කායික සහ සමාජ ආර්ථික පුනරුත්ථාපනය උදෙසා කටයුතු කරන ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වාන් මහාවීර් විකලාංග් සහායත සමිතිය (BMVSS) විසිනි. ජයිපූර් නගරය පදනම් කරගත් මෙම රාජ්‍ය නොවන සංවිධානය 1975 දී ආරම්භ කරන ලද අතර එය කෘත්‍රිම අත් පා සහ වෙනත් අවශ්‍ය සහය සම්බන්ධයෙන් ආබාධිත අය සඳහා පවතින ලොව විශාලතම සංවිධානය වේ.

BMVSS සංවිධානය මෙයට පෙර ද එනම් 2010 මාර්තු – අප්‍රේල් වවුනියාවේ දී; 2011 සැප්තැම්බර් යාපනයේදී සහ 2022 පෙබරවාරි කොළඹ සහ යාපනයේදී මෙවන් කඳවුරු පවත්වන ලදී. මෙම කඳවුරුවලින් 3100කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමි වූ අතර 2200කට අධික පිරිසකට ‘ජයිපූර් පාද’ හිමි විය.

සමාරම්භක අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ගැඹුරු සහ අචල කැපවීම අවධාරණය කළේය. කෘත්‍රිම අත් පා කඳවුර ජනතා ජීවිතවලට දැනෙන සුබවාදී බලපෑමක් සිදු කරීමට ඉන්දියා  – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගන්නා අප්‍රතිහත උත්සහය පිළිඹිබු කරයි.

Continue Reading

ඡායාරූප සටහන

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වෙයි (වීඩියෝ / ඡායා)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. 

මෙහිදී අදහස් දැක්වූ ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසා තිබුණේ ඉරාන ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බවයි. ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත්, ඉරානයේ සහාය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යනු මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්‍යාපෘති වලින් එකකි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

(වීඩියෝ / ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved