Connect with us

ඡායාරූප සටහන

ටියැන්ටායි බුදුදහමේ තොටිල්ල වූ ග්වෝචිං විහාරය (ඡායා)

Published

on

අග්නිදිග ආසියාවේ බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය ග්වෝචිං විහාරය (Guoqing Temple), චීනයේ ජ’ජියැං පළාතේ ටයිජෝ ප්‍රදේශයේ මනරම් පරිසරයක පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථානයකි.

හංජෝ නගරයේ සිට කිලෝමීටර් 220 ක් පමණ දුරින් පිහිටි ටියැන්ටායි කන්ද මත පිහිටා ඇති මෙම සිද්ධස්ථානය වෙත යන සංචාරයකයන්ට ගමන් කිරීමට ඇත්තේ නෙත්, සිත් පිරී යන, හරිත වර්ණයෙන් පිරුණු, ඉතා සුන්දර පරිසරයක් ඔස්සේය.

ග්වෝචිං විහාරයට දකුණු ආසියානු බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එය මහායාන බුදුදහමේ ටියැන්ටායි සම්ප්‍රදායේ තොටිල්ල ලෙස සැලකෙන බැවිනි.

ටෑං රාජවංශ සමයේදී (ක්‍රි.ව. 618-907) ටියැන්ටායි සම්ප්‍රදාය කොරියාව සහ ජපානය යන දෙකටම ව්‍යාප්ත වූයේ මෙම විහාරයෙනි.

සුයි රාජවංශ සමයේ දී ජ’යී (JiYi) නම් බෞද්ධ හිමිනම විසින් ආරම්භ කළ මෙම විහාරය, ටැන්ග්, සොන්ග්, යුවාන් සහ මිං රාජවංශ තුළදී කිහිප වතාවක්ම ප්‍රතිසංස්කරණය ලක්ව ඇත.

වර්ග අඩි 250,000 ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම විහාර භූමිය, ශාක්‍යමුණි මහා ශාලාව හා රහතුන් පන්සියයකගේ ශාලාව ඇතුළු ශාලා 14කින් හා කාමර 600 කින් පමණ සමන්විත වේ.

තවද, මෙම භූමියේ පිහිටා ඇති, මහල් 09කින් සමන්විත, මීටර 59.4ක් උසැති සුයි පැගෝඩාව, චීනයේ පවතින පැරණිතම ගඩොලින් නිමවූ පැගෝඩාවක් ලෙස සැලකේ.

සංස්කෘතික විප්ලවය අතරතුරදී විශාල වශයෙන් විනාශයට පත්වූ මෙම විහාරය, පසුව ටියැන්ටායි ප්‍රදේශයේ නිලධාරීන් විසින් පත් කරන ලද විහාර ප්‍රතිසංස්කරණ කමිටුව විසින් දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක්කරන ලදී.

මේ අතර, 2011 වසරේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වෙත ලබාදුන් බුද්ධ ප්‍රතිමා අතරින් එකක්ද ග්වෝචිං විහාරයේ තැන්පත් කර තිබේ. විහාරස්ථාන මූලාශ්‍ර උපුටා දක්වමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව හා ග්වෝචිං විහාරය අතර සබඳතා වසර 200ක් තරම් ඈතට දිවෙන බවත්, විහාරයට පූජා කෙරුණු මෙම ප්‍රතිමාව, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තෙවැනි බුද්ධ ප්‍රතිමාව බවත්ය.

(සටහන හා ඡායා : ශානිකා ජයසේකර)

Videos

චීන සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹදී  (ඡායා/වීඩියෝ)

Published

on

By

චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය.

ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසිනි. මෙම ප්‍රදර්ශනය අද දිනයේදී ද පැවැත්වේ.

මෙය, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙරට පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භයයි. 

‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙම සංවත්සරය සැමරීමට වැඩසටහන් 75ක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.

චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ASLCSCC සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්විය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දියාවෙන් කෘත්‍රිම අත්පා කඳවුරක් (ඡායා)

Published

on

By

ශ්‍රී ලාංකික ප්‍රතිලාභින් 1000 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම සඳහා වන කඳවුරක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (07) ගම්පහ රණවිරු සේවා අධිකාර පරිශ්‍රයේදී සමාරම්භ කරන ලදී. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම කඳවුර කොළඹ සහ වවුනියාවේ දී දෙමසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සෙත සැලසෙනු ඇත. සිවිල් ප්‍රතිලාභීන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සහය ඇතිව තෝරා ගන්නා ලදී.

මෙම කඳවුර සඳහා ඉන්දීය රජය සහයෝගය ලබා දෙන අතර එය පවත්වනු ලබන්නේ කායික වශයෙන් අබාධ සහිත අයගේ කායික සහ සමාජ ආර්ථික පුනරුත්ථාපනය උදෙසා කටයුතු කරන ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වාන් මහාවීර් විකලාංග් සහායත සමිතිය (BMVSS) විසිනි. ජයිපූර් නගරය පදනම් කරගත් මෙම රාජ්‍ය නොවන සංවිධානය 1975 දී ආරම්භ කරන ලද අතර එය කෘත්‍රිම අත් පා සහ වෙනත් අවශ්‍ය සහය සම්බන්ධයෙන් ආබාධිත අය සඳහා පවතින ලොව විශාලතම සංවිධානය වේ.

BMVSS සංවිධානය මෙයට පෙර ද එනම් 2010 මාර්තු – අප්‍රේල් වවුනියාවේ දී; 2011 සැප්තැම්බර් යාපනයේදී සහ 2022 පෙබරවාරි කොළඹ සහ යාපනයේදී මෙවන් කඳවුරු පවත්වන ලදී. මෙම කඳවුරුවලින් 3100කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමි වූ අතර 2200කට අධික පිරිසකට ‘ජයිපූර් පාද’ හිමි විය.

සමාරම්භක අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ගැඹුරු සහ අචල කැපවීම අවධාරණය කළේය. කෘත්‍රිම අත් පා කඳවුර ජනතා ජීවිතවලට දැනෙන සුබවාදී බලපෑමක් සිදු කරීමට ඉන්දියා  – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගන්නා අප්‍රතිහත උත්සහය පිළිඹිබු කරයි.

Continue Reading

ඡායාරූප සටහන

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වෙයි (වීඩියෝ / ඡායා)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. 

මෙහිදී අදහස් දැක්වූ ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසා තිබුණේ ඉරාන ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බවයි. ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත්, ඉරානයේ සහාය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යනු මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්‍යාපෘති වලින් එකකි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

(වීඩියෝ / ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved