ක්‍රීඩා

ඇෆ්ගන් ටෙස්ට් තරගයෙන් ලංකාවට කඩුලු 10ක ජයක්

Published

on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

තරගයේ සිවුවැනි දිනය වූ අද (05) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල ලකුණු 56 ක ඉලක්කය පන්දුවාර 7.2 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

තෙවැනි දිනය වූ ඊයේ (4) පස්වරුවේ තරගය අත්හිටුවන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් රැස්කර ප්‍රබල ස්ථානයක සිටි ඇෆ්ගනිස්තාන් දෙවැනි ඉනිම ලකුණු 296 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 107 කට කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ඇෆ්ගනිස්තාන් පිල පළමු ඉනිම පන්දුවාර 62.4 කදී සියලු දෙනා දැවී 198

දෙවැනි ඉනිම පන්දුවාර 112.3 කදී සියලු දෙනා දැවී 296

(ඊබ්‍රහිම් ශද්‍රාන් 114, නූර් අලී ශද්‍රාන් 47, රහමට් ෂා 54, නසීර් ජමාල් නොදැවී 41, අසිත ප්‍රනාන්දු 63/3, කසුන් රාජිත 59/2, ප්‍රභාත් ජයසූරිය 107/5)

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම පන්දුවාර 109.2 කදී සියලු දෙනා දැවී 439

(ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, සදීර සමරවික්‍රම 27,  චාමික ගුණසේකර 16, නිජාට් මෂූඩ් 76/2, නවීඩ් ශද්‍රාන් 83/4, කුයිස් අහමඩ් 98/2)

 දෙවැනි ඉනිම පන්දුවාර 7.2 කදී කිසිවකු නොදැවී 56

(දිමුත් කරුණාරත්න නොදැවී 32, නිෂාන් මධුෂ්ක නොදැවී 22) 

Trending

Exit mobile version