ක්‍රීඩා

ඇෆ්ගන් ලංකා පුහුණු තරගය අද

Published

on

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාවේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට තිරුවන්තපුරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, ඇෆ්ගනිස්තාන කණ්ඩායම හසමතුල්ලා ෂාහිඩී විසින් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7ක පරාජයක් ලැබීය.

ඇෆගනිස්තානය සහභාගී වූ දකුණු අප්‍රිකාව සමඟ තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරග අදින් අවසන් වන අතර 05 වැනිදා එංගලන්තය හා නවසීලන්තය අතර තරගයෙන් ලෝක කුසලාන තරග ආරම්භ වේ.

Trending

Exit mobile version