ක්‍රීඩා

ඉන්දියාව හා පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදියි

Published

on

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම  කඩුලු 2කින් ජය ගත්තේ ය.

විශාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු 208ක් රැස් කිරීමට සමත් විය.

ස්ටීවන් ස්මිත් (52) හා ජෝස් ඉංග්ලිස් (110) ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියෝ වූහ.

ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිමට ඉෂන් කිෂන් ලකුණු 58ක් ද සූර්යකුමාර් යාදෙව් ලකුණු 80ක් ද එක් කළහ.

Trending

Exit mobile version