ක්‍රීඩා

ක්‍රිකට් නඩුව ලබන සඳුදාට කල් යයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබුණි.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද(24) කැඳවනු ලැබීය.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද දින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේය.

ඉන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් දැමුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Trending

Exit mobile version