ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) දෙවන වාරයේ වෙන්දේසියේ පළමු වටයේදී අලවෙි වී නොමැති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් ඇය මෙම වෙන්දේසියට ඇතුළත් කර තිබිණි.
පසුගියදා අවසන් වූ කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) තරගාවලියේ ක්‍රීඩිකාව ද ඇය සම්මාන ලබා ගත්තාය.
කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) වෙන්දේසිය පසුගිය සෙනසුරාදා මුම්බායිහිදී අවසන් වූ අතර එහි ලියාපදිංච සිටි ක්‍රීඩිකාවන් 165 න් 30 ක් කණ්ඩායම් පහක් විසින් මිලදී ගෙන තිබිණි.
ඇනබෙල් සදර්ලන්ඩ් සහ කෂ්වී ගෞතම් දවසේ ඉහළම මිලට අලෙවී තිබූ අතර, පිළිවෙලින් දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ජයන්ට්ස් ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 2 බැගින් වූ මිලට මිලදී ගෙන තිබිණි.