දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) මුහුණ දුන් තෙවැනි තරගයෙන් වේල්සය වෙතින් ලකුණු 68-56ක් ලෙස තියුණු තරගයක් දී පරාජයට පත් විය.
මේ තරගාවලිය යටතේ මීට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙක ද පරාජයට පත් විය.
සත්කාරක දකුණු අප්‍රිකාව හා පැවැති තරගයෙන් ලකුණු 87-23 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ජැමෙයිකාව වෙතින් ලකුණු 105-25ක් ලෙස දැවැන්ත පරාජයක් ලැබීය