සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්රිකට් තරගය අද (04) පැවැත්වේ.
ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රිකට් ක්රීඩාංගණයේදී.
පසුගියදා පැවති තරගාවලියේ පළමු තරගය, ඇෆ්ගනිස්ථානය කඩුළු 6 කින් ජය ගැනීමට සමත් විය.
ඒ අනුව තරගාවලි ජයග්රහණයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම්, ශ්රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වනු ඇත.
පළමු තරගයේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ළහිරු කුමාර අද (04) තරගය සඳහා ක්රිඩා නොකරයි.
තරගය අද උදෑසන 10ට ආරම්භ වීමට නියමිත වේ.