ක්‍රීඩා

යුපුන් තීරණයක් ගනියි

Published

on

මේ මස අවසානයේ හංගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලි ලබා ඇති ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි.

පසුගිය කාලය පුරාවට දරුණු ආබාධයකින් සුවය ලබමින් සිටින යුපුන්, නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිය තීරණය පිළිබඳව තමා බලධාරීන් හටද දැන්වූ බවයි.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන ආසියානු ශුරතාවලියට සිය සම්පූර්ණ දායකත්වය ලබාදීමට අවධානය යොමු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version