සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 4කි පරාජයට පත්කරමින් දෙරට අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති මේ තරගයේදී ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160ක් පමණි.
ඒ අනුව එම තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 161කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගන්ස්තාන පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබූ වනිඳු හසරංග පන්දු 32ක් තුළ ලකුණු 67ක් ලබා ගත්තේය.