ක්‍රීඩා

වොන්ගේ වත්කම් බෙදයි; හිටපු බිරියට කිසිවක් නෑ; කාර්ටික ජැක්සන්ට

Published

on

අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ට හිමිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වන වත්කම් සිය දරු තිදෙනා අතරේ බෙදාදී තිබේ.

ඒ වොන්ගේ අවසන් කැමති පත්‍රයට අනුව සුවිසල් වත්කම් දරුවන් වන සමර්, ජැක්සන් සහ බෲක් වෝන් වෙත පවරා තිබූ අයුරිනි.

මේ අතර වෝන් සිය වතුපිටිවලින් 2%ක් ඔහුගේ සොහොයුරා වන ජේසන් වෝන්ට ද 2.5% බැගින් ඥාති දියණියකට සහ පුත්‍රයෙකුට ද පවරා දී තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් 2021 දෙසැම්බර් 03 දාතමින් යුත් කැමති පත්‍රයට අනුව ඔහු සිය හිටපු බිරිඳ වන සිමෝන් කැලහාන්ට කිසිවක් ලබාදී නොමැත.

තව ද මෙල්බර්න්හි ශාන්ත කිල්ඩාහි දේපොළක අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක තැන්පතුවක් ද පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු ගිණුමක ඩොලර් මිලියන 5 ක් ද ඇතුළුව තවත් බොහෝ වත්කම් තිබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර අවසන් කැමැත්තට අනුව වෝන් අමෙරිකානු ඩොලර් 350,000ක Mercedes-Benz රථයක් ද ඇතුළුව ඔහුගේ විශාල මෝටර් රථ එකතුව පවරා ඇත්තේ, ජැක්සන්ටයි.

තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ශේන් වෝන්ට 2022 වසරේ මාර්තු 4 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබිණි.

Trending

Exit mobile version