ක්‍රීඩා

ශ්‍රී ලංකා පිල, ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු විය. 

ඒ, තරගාවලියේ මූලික වටයට අයත් නවසීලන්තයට එරෙහිව පාර්ල්හීදි පැවති තරගය ලකුණු 102 කින් පරාජය වීමත් සමගයි.

එහි කාසියේ වාසිය හිමි කරගෙන පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 කි.

ලකුණු 163 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 60 ක් පමණි.

Trending

Exit mobile version