ක්‍රීඩා

සත්කාරක පාකිස්තානයට පහසු ජයක්

Published

on

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක පකිස්ථානය නේපාලය පහසුවෙන් පරාජයටපත් කරමින්  ලකුණු 238ක විශිෂ්ට ජයක් ලැබීය

ඊයේ (30) පැවැති මේ තරගයේදී පාකිස්තානු නායක බාබර් අසාම් සුපිරි පිතිහරඹයක යෙදෙමි් ලකුණු 151ක් රැස් කළ අතර, ඊට 4 පහර 14ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ සත්කාරක පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

පකිස්ථාන ඉනිම ආරම්භ කළේ ඉමාම් උල් හක් සහ ෆකර් සමාන්.

ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුනේ ලකුණු 25කදී ය.

ෆකර් සමාන් ලකුණු 14කට දැවී ගියේ ය.

ඉමාම් උල් හක් ලකුණු 5යි.

නායක බාබර් අසාම් සමග මොහොමඩ් රිස්වාන් තුන් වැනි කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් ගොනැගුවේ ය.

රිස්වාන් ලකුණු 44යි.

ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109යි.

සෝම්පාල් කාමි  කඩුලු 2ක් බිඳහෙලීය.

පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 342ක්.

නේපාල පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 14කදී බිඳ වැටිණි.

අරිෆ් ෂෙයික් සහ සෝම්පාල් කාමි අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 59ක්.

පකිස්ථාන කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස නේපාල පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර පිටියෙන් ඉවත්විය.

ශඩාබ් ඛාන් ලකුණු 27ට කඩුලු 4යි.

ශහීන් ශා අෆ්‍රිඩි සහ හාරිස් රවුෆ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

පන්දුවාර 23යි පන්දු 4ක් අවසානයේදී නේපාල කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 104ක් පමණයි.

සබැඳි පුවත්

ආසියානු ශූරයින් සේවීම අද අරඹයි

Trending

Exit mobile version