Connect with us

ක්‍රීඩා

ආසියානු ශූරයින් සේවීම අද අරඹයි

Published

on

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්ථානයේදී අද (30) ආරම්භ වේ.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ පළමු තරගය පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන්හිදී පැවැත් වේ.

බාබර් අසාම් පකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර නේපාල කණ්ඩායම මෙහෙයවන්නේ රෝහිත් පැවුඩෙල් විසිනි.

තරගාවලිය මෙවර පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරක්තවයෙන් පැවැත් වේ.

කණ්ඩායම් 6ක් එක්වන තරගාලිය A සහ B ලෙස කාණ්ඩ දෙකකින් ක්‍රියාත්මකයි.

පකිස්ථානය, නේපාලය සහ ඉන්දියාව A කාණ්ඩයෙන් තරග වඳින අතර 
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරග කරන්නේ B කාණ්ඩයෙන් තරගවදියි.

අවස්ථා 7කදී ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දියාව මෙවරත් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බව ක්‍රිකට් විචාරක මතය වේ.

වත්මන් ආසියානු ක්‍රිකට් ශූර ශ්‍රී ලංකාව ජයගෙන ඇති කුසලාන සංඛ්‍යාව 6කි.

පකිස්ථානය හිමිකරගෙන තිබෙන්නේ, ආසියානු කුසලාන දෙකක් පමණයි.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය මෙවර තරගාවලියට එක්වන්නේ සිය කුළුඳුල් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.

ක්‍රීඩා

ICC T20 පුහුණු තරග කාලසටහන නිකුත් වෙයි

Published

on

By

ජුනි මස ආරම්භ කිරීමට නියමිත තිබෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඔවුන් නෙදර්ලන්තය සහ අයර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.

පුහුණු තරග මැයි 27 සිට ජුනි 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මැයි 28 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතය.

එම තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මැයි මස 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ජුනි මස 02 දා ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් නිව්යෝක් හී පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කරයි

Published

on

By

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවය.

පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතර වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading

ක්‍රීඩා

වනිඳුට සම පළමු තැන

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු තැන හිමිකරගැනීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබේ.

ඒ අනුව එහි සම පළමු ස්ථානය හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන්.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved